Saturday, February 14, 2026
Follow Us
දිවයිනට අද රාත්‍රියේ එන බිත්තර

ආනයනික බිත්තර තොගයක් අද (17) රාත්‍රියේ දිවයිනට ගෙන්වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

ඒ අනුව බිත්තර මිලියන 15ක තොගයක් ගෙන්වන බව වාර්තා වේ.

මේ අතර, 2024 වසරේ ජනවාරි මාසයේ සිට දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් වෙළඳපොළට නිකුත් කරනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ බිත්තර ආනයනය මේ මස 31 වැනිදා නවතා දැමීමටයි නියමිතව තිබුණි.