Saturday, February 14, 2026
Follow Us
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල මේ මස ජාතික පද්ධතියට

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පැවසුවේ තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට එක් කර ඇති බවය.

නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ රට පුරා විදුලිය විසන්ධි වීමත් සමගයි.

මේ අතර නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට පවතින්නේ, අක්‍රීයවයි.

පසුගිය 12 වැනි දා දෛනික ජල විදුලි නිෂ්පාදනය 60% කි.

 තාප බලයෙන් 21%ක දෛනික විදුලි නිෂ්පාදනයක් ද සිදු කර ඇත.

-Aruna