වැඩිපුරම විෂවීම් අද වන විට වාර්තා වන්නේ ගෘහාශ්‍රිතව බව කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් පසුගිය සතියේ දී අමාත්‍යාංශ කාර්‍යාලයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සුහද කතාබහක නිරත විය.
දැනට කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින් ආගමික පෙරහැරකින් දිවයින පුරා වැඩම කරවීමට නියමිතය.
මහියංගණය රඹකැන් ඔය පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම්වලට අයත් වනාන්තර එළිපෙහෙළි කර පෞද්ගලික සමාගම්වලට පැවරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම ලබන පෙබරවාරි 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (8) තීරණය කළේය.
2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
හොරොව්පතානේ තරුණ රණවිරුවෙක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාගමනින් දින 14කට පෙර ගොස් ගිනස් වාර්තාවක් තැබීමට සූදානම් වෙයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
• මත්පැන් බෝතල් වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (MOBILE APP) හදුන්වා දීමට නිර්දේශ
Miss Srilanka සහ Mr Srilanka 2023තරඟාවලිය ඊයේ(03) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංගශාලාවේදී ඉතා සාර්ථකව අවසන් විය. එහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 06 දෙනෙකු තෝරා පත්කර ගැණින.
මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (සැප්තැම්බර් 01) අභිමානවත් අයුරින් සමරනු ලබයි.
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා නිර්මාණ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුව විදේශ සංචාරකයන් වෙත ආකර්ෂණය කිරීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා ලක්සලට නිෂ්පාදන සපයන ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ පළමු වැඩසටහන අද (07) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අදට (03) යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව ඊයේ දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා අද දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පසුගියදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා පොලීසියේ නිලධරයන්ගේ වෘත්තීමය දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධව ආරම්භ කරන ලද “ව්‍යවහාරික පොලිස් අධ්‍යාපන උපාධි පාඨමාලාවේ” (BA in Applied Police Studies) සමාරම්භක උත්සවය ඊයේ (04) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මඩකලපුව නගරයේ නොච්චිමුණෙයි හි ස්ථාපනය කරන ලද විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පරිසර දූෂණය සඳහා වැඩි වශයෙන් දායක වන පොලිතීන් ජීර්ණය කරවන දිලීරයක් සොයාගැනීමට කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
Page 118 of 747