ලෝවැසි බුදුනුවන්ට මෙන්ම වෙසෙසින් සිරි ලක් දිව් වැසි සැදැහැවතුන්ටද අතිශය වැදගත් වන කරුණු රැසක් යෙදෙන දුරුතු පුර පසළොස්වක් පොහොය අදට යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ උරුවෙල් දනවුවේ විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක් පිරිසකට සදහම් මඟ පහදා සසුන්ගත කර, ඒ පිරිසද සමඟ රජගහ නුවරට වැඩම කළේ අද වන් පොහොය දිනකය. ඒ ගමනේදී එනුවර බිම්බිසාර රජු සහ වැසියන් තෙරුවන් සරණ ගිය උවසුවන් බවට පමුණුවාලූ බුදු හිමියන් වෙත සසුනේ ප්‍රථම ආරාම පූජාව ලෙස වේළුවනාරාමයද පුදනු ලැබීය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මිල්කෝ සමාගමට දෛනිකව ලැබුණු කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අරුවක්කාලු කසළ ව්‍යාපෘතිය වැඩ කටයුතු මාර්තු මස වනවිට අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එහි අවසන් අදියරේ වැඩ කටයුතු කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය (The Association of Live Tropical Fish Exporters of Sri Lanka) සහ ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය සමඟ එක්ව, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය උදෙසා සංවිධානය කරන වැඩමුළු මාලාවේ මූලික අදියර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව පැවැත්වුණි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින් දිවයින පුරා පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ඊයේ (20) ගාල්ල , ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්ෂේත්‍ර සහකාරවරුන් ලෙස බඳවා ගත් තවත් 51 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (23) වනජීවි හා වන සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසීය.
පසුගිය වසරේ දෙසැම්බර් 17වැනිදා සිට ක්‍රියාත්මක “යුක්තිය“ මෙහෙයුම මඟින් සිදු කරනු ලබන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ලබා දෙන ඔත්තුකරු ඇගයීම සදහා ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර ඇත.
තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වැඩසටහනක් පෙබරවාරි මාසයේ සිට මෙවර උසස් පෙළ හදාරා අවසන් කරන පාසල් සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
A collaborative effort led by the Export Development Board (EDB) alongside Sri Lankan universities, the Tropical Ornamental Fish Association and Sri Lanka Ornamental Fish Farmers’ Association organised a one-day workshop on 11 January.
නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාදී නිවෙස්වෙත යාම සදහා වෛද්‍ය නිර්දේශය ලැබුණු පසු සිදුවන අනවශ්‍ය ප්‍රමාදය අවම කිරිම පිළිබදව අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
The three-day Jaffna International Trade Fair 2024 kicked off yesterday as part of its pivotal role in fostering economic growth and community development in the Northern Province.
Page 119 of 768