Friday, February 13, 2026
Follow Us
"Love on wheels motor show" මෝටර් රථ ප්‍රදර්ශනයක්

"Love on wheels motor show" මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්විණි.

පොලිස් විශේෂ කාර්ය බළකා යතුරුපැදි කණ්ඩායම ඇතුළු දිවයිනේ ප්‍රමුඛ යතුරුපැදි දාවකින් ඉදිරිපත් කළ  යතුරුපැදි සංදර්ශන, අධි ධාරිතාවෙන් යුතු යතුරුපැදි, මෝටර් රථ, සංගීත ප්‍රසංගය ඇතුළු අංග රාශියකින් මෙම මෝටර් රථ ප්‍රදර්ශනය වර්ණවත් විය.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු  මෙම සංදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්‌ එක්ව සිටියහ.