Saturday, July 27, 2024
Follow Us
කොළඹ 7 ව්‍යාපාරික කතගේ නිරු­වත් ඡායා­රූප ගෙන බිය­ කර ලක්ෂ 25ක් අරන්

කුරු­දු­වත්ත ප්‍රදේ­ශයේ පන­ස්පස් හැවි­රිදි කෝටි­පති ව්‍යාපා­රි­කා­ව­කගේ නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මාර්ග­යෙන් විවිධ පුද්ග­ල­යන් වෙත යොමු­ක­රන බව සහ ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25ක මුද­ලක් බලෙන් ලබා­ගත් එම නිවසේ සේවය කළ සේව­ක­ය­කුට එරෙ­හිව කුරු­දු­වත්ත පොලි­සිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදි­රියේ ඊයේ (19) නඩු පැව­රීය.

මෙම සිද්ධි­යට අදා­ළව නිති­ප­ති­ව­ර­යා­ගෙන් ලද උප­දෙස් ප්‍රකා­රව අධි­ක­ර­ණය හමුවේ නඩු­ප­ව­රනු ලැබුවේ කුරු­දු­වත්ත පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආලෝක බණ්ඩාර සේනා­නා­යක මහතා විසිනි. ඒ අනුව මෙලෙස නඩු පව­රනු ලැබුවේ නො. 483/12, කිරි­ම­ණ්ඩල මාවත, නාරා­හේ­න්පිට, කොළඹ 05 පදිංචි පල්ලි­යගේ දොන් අජිත් ප්‍රියන්ත (45) නමැ­ත්තා­ටය.

තම නිවසේ සේව­යට පැමිණී චුදිත සමඟ තමන් ප්‍රේම සම්බ­න්ධ­තා­වක් පැවැත්වූ බවත් පසුව ඔහු තමන්ගේ ඡායා­රූප රැගෙන මෙලෙස තර්ජ­නය කර බලෙන් මුදල් ලබා­ගත් බවත් පැමි­ණී­ලි­කා­රිය සිය පැමි­ණී­ල්ලෙන් දක්වා ඇතැයි කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම සිද්ධියේ උදෘත නිති­ප­ති­ව­රයා වෙත යොමු­කළ බවත් එහි­දී­නි­ති­ප­ති­ව­රයා චුදි­තට එරෙ­හිව නඩු පව­රන ලෙසට උප­දෙස් ලබා දී ඇති බව්ත කුරු­දු­වත්ත පොලි­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

නිරු­වත් ඡායා­රූප වට්ස්අප් මගින් විව­ධ­පු­ද්ග­ල­යන්ට පෙන්වන බවට සහ එම ඡෘයා­රෑප ප්‍රසිද්ධ කරන බවට පවසා රුපි­යල් ලක්ෂ 25ක මුද­ලක් බලෙන් ලබා­ගැ­නීම, සාප­රාධී බිය ගැන්වීම සහ ලිංගික හිරි­හැර කිරීම යටතේ ලංකා දණඩ නිති සංග්‍ර­හයේ 373, 486 සහ 345 වගන්ති ප්‍රකා­රව චුදිට එරෙ­හිව චෝදනා තුනක් යටතේ නඩු පව­රන බව කුරු­දු­වත්ත පොලි­සියේ අධි­ක­රණ අංශයේ පොලි­ස්සැ­ර­යන් 18680 සමන් රාජ­පක්ෂ මහතා අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව කැදැවූ අව­ස්ථාවේ දී අධි­ක­ර­ණය විසින් චුදි­තට එරෙහි චෝදනා තුනක් කියවා දෙනු ලැබූ අතර, එහි දී තමන් එම චෝදනා සම්බ­න්ධ­යෙන් නිවැ­රදි කරු බව චුදිත සඳ­හන් කළේය. ඒ අනුව නඩුව ලබන මාර්තු මස 25 වැනිදා තෙක් කල් තැබූ අධි­ක­ර­ණය පැමි­ණීල්ලේ පළමු දෙවැනි සහ තුන්වැනි සාක්ෂි­ක­රු­වන්ට සිතාසි නිකුත් කර­මින් එදින තෙක් නඩුව කල් තැබීය.

 

-Dinamina