Saturday, July 27, 2024
Follow Us
ගෘහ සේවයට කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවීමට පියවර

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ කඩිනම් සැලසුමක් තමන් වෙත ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරිත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට දැනුම් දී තිබේ.

 

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයන් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සඳහා පමණක් ශ්‍රමිකයන් යැවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත. 

ඒ අනුව වසර දහයක් තුළ දී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙස ද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමඟ අද පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැනුම් දී තිබේ.