Friday, February 13, 2026
Follow Us
නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

බුදු රජාණන් වහන්සේ විසින් විශාලා නුවර චාපාල චේතිය අසලදී ආයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේ ද අද වැනි පොහෝ දිනක බව සඳහන් වේ.

නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.