රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද උරස් ශල්‍යාගාරය වෙත විවෘත හදවත් සැත්කම් සදහා භාවිතා කරනු ලබන Heart Lung Machines දෙකක් ලබාදීම පසුගියදා (29) සිදු විය.
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන කළේ (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
ඉදිරියේදී රටේ සෑම දරුවෙකුටම තම හැකියාවන් හා අභිරුචිය අනුව තම අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය අද (02) හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
“ජනාධිපති පරිසර සම්මාන - 2024” වැඩසටහන සඳහා මේ වන විට අයඳුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති අතර අයඳුම්පත් කැඳවීම 2024 මාර්තු මස 15 වැනිදායින් අවසන් වේ. එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටියි.
මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ඉක්මවා ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අස්වනු නෙලීමේ මුලික පර්යේෂණවලින් හෙළි වී ඇත.
වීරවර වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන් ගේ 209 වන ගුණ සැමරීම අද (02) උන් වහන්සේගේ ජන්ම භූමිය ලෙස සැළකෙන වාරියපොල දී සිදුකෙරිණ.
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.
කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරමින් ජාතික වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලෙණු පුද්ගලයෙකුගේ පෙනහළු වලින් කැරපොත්තෙකු එළියට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්පූර්ණ ඩිජිටල්කරණයට ලක් කරමින් මාර්තු 04 දා සිට දිවයින පුරා තිබෙන මෝටර් රථ ප්‍රවාහන කාර්යාල වලට පැමිණෙන සියලුම සේවාලාභීන්ට කාර්යක්ෂම සේවාවක් අඛණ්ඩව ලබා දීම සඳහා කලින් දිනයක් හා වෙලාවක් ලබා ගැනීමට හැකි වන පරිදි ස්වයංක්‍රිය ඇමතුම් පද්ධතියක් හා වෙබ් අඩවියක් හඳුන්වා දීමට කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී, ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්‍රව්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම හා මාර්ගගත රසායනික අධීක්‍ෂණ සහ නියාමන පද්ධතියක් හඳුන්වාදීම ඔස්සේ, ඒ සඳහා වන ශ්‍රී ලංකා රජයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සුවිශේෂී කැපවීම පිළිබිඹු කරයි.
Page 114 of 768