Tuesday, May 07, 2024
Follow Us
කැනඩාවෙන් කෑගල්ල රෝහලට ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍රාගාරයක්

කැනඩා රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රෝගී සත්කාර ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍රාගාරයක් පසුගියදා කෑගල්ල මහ රෝහලට ලබාදී තිබේ.

දෛනිකව ලීටර් 45 ක සිලින්ඩර 50ක් පිරවීමට තරම් ධාරිතාවයක් මෙම යන්ත්‍රය සතුව පවති.
මෙම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 37 ක් වැයකර ඇති අතර අදාල යන්ත්‍රය සදහා රුපියල් මිලියන 230 ක මුදලක් වැය කර ඇත.

හදිසි තත්වයන් යටතේ සිටින අසරණ රෝගීන්ගේ ජීවිත මෙමගින් සුරක්ෂිත කර ගැනීමට හැකිවීම මෙන්ම දිනපතා රෝහල් අධිකාරියට කොළඹට පැමිණීමට තිබූ බරපතල ගැටලුවට මෙමඟින් විසඳුමක්ද ලැබිණි.