Tuesday, October 06, 2026
Follow Us
කැලණිය විද්‍යාලංකාර පිරිවෙණේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන සාකච්ඡාවක්

කැලණිය විද්‍යාලංකාර පිරිවෙණේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සංකීර්ණයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී ඤාණරතන හිමියන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන්   විශේෂ සාකච්ඡාවක් ඊයේ (14)  විද්‍යාලංකාර පිරිවෙණේදී පැවැත්විණි.

නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්,  මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ඇතුළු ආයතන රැසක නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක් විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.