ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.
ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තා වේ.
2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සකස් කරන ලද පාර්ලිමේන්තු පනත් කෙටුමිපතේ ඉදිරි කටයුතු පිළිබඳව සහ ආදීවාසීන්ගේ මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු නිරාකරණය කිරීමට පරිසර අමාත්‍යංශය සංවිධානය කළ සාකච්ඡාවක් (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
වතුකර පාසල් සඳහා Smart Class Room (ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම ඊයේ (16) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදු කරන ලදී.
ලෝක ආගමික උත්සව අතුරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ‘කුම්භමේලා‘ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරදී ඊයේ ඇරඹුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන පෙබරවාරි මස 26 වැනිදා දක්වා දින 44ක් පුරා මෙවරඋත්සවය වසර 144කට වතාවක් පැවැත්වෙන ‘මහා කුම්භමේලා‘ උත්සවය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය
සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම අත්‍යවශ්‍යයි
අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා මෙතෙක් ක්‍රියාත්මකව පැවති දින පහේ වැඩ සතිය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමන්ට සහ අනුමැතියට යටත්ව ජනවාරි මස පළමු වැනිදා සිට ඉදිරි මාස හය සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු අමාත්‍යංශය පවසයි.
රටක් වශයෙන්ම අප සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ සිටින බවත් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක්ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය තෛපොංගල් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය පිරිනැමීම සඳහා වන ජනාධිපති අපනයන සංම්මාන උළෙල 2025 පෙබරවාරි 07 වන සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization ) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි.
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකිම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසු නොබස්නා වීර්යෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින බවත් මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමික ප්‍රජාවට ගුණාත්මක පුහුණුවක් ලබා දීම පිළිබඳව විදේශ රැකියා පුද්ගලික පුහුණු ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි
උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
The Sri Lanka Navy took hold of about 90kg and 45g (wet weight) of Kerala cannabis adrift in waters, during a special operation conducted in the sea area of Kappaladi, Kalpitiya recently.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.
පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටලු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එමෙන්ම සිය වෘත්තීය නිපුණතාවය වර්ධනය කර ගැනීම සදහා නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත් පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
Page 64 of 755