හානිපූරණය සඳහා වන කාර්යාලයේ සාමාජික ධුරයේ දැනට පවතින පුරප්පාඩුව සහ ඉදිරියේදී ඇති වීමට නියමිත පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඒ සඳහා වූ අයදුම්පත්ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ‘හානිපූරණය සඳහා වන කාර්යාලයට සාමාජිකයින් පත් කිරීම' නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්ර 2025 ජූලි 11 දින හෝ එදිනට පෙර යොමු කළ යුතුය.
අදාළ අයැදුම්පත්ර, වැඩබලන ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්රම ව්යවස්ථා සභා කාර්යාලය, ශ්රී ලංකා පාර්ලිමේන්තුව, ශ්රී ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් ලිපිනයට යොමු කළ යුතුය.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘හානිපූරණය සඳහා වන කාර්යාලයට සාමාජිකයින් පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.