Wednesday, July 02, 2025
Follow Us
සීට් බෙල්ට් පැළඳීමට මගීන්ගේ එකඟතාව

සීට් බෙල්ට් පැළඳීම මගින් ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මගීන් කැමැත්ත ප්‍රකාශ කරන බව මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුමේ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. සීට් බෙල්ට් නීතිය සම්බන්ධයෙන්, ස්ථාන කිහිපයක දී මගීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කරගත්තේ ය.


මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජීවිත ආරක්ෂා කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා වූ වැඩපිළිවෙළ අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවෙයි. ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් වැඩි මරණ සංඛ්‍යාවක් සිදු වන්නේ යතුරුපැදි අනතුරට ලක්වීමෙනි. ඒ නිසා හෙල්මට්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානමින් සිටී. හෙල්මට් නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් සමග ඉදිරියේ දී සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා පවසයි.


මාර්ග ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ ආදරයෙන් සහ අවබෝධයෙන් යුතුව ක්‍රියාවට නංවන බවටද අමාත්‍යවරයා සහතික වූයේ රියදුරන් සහ මගීන් වෙත දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමෙන් පසුවයි.