මේ වසරේ මෙතෙක් ගතවූ කාලය තුළ ලක්ෂ 11ක් ඉක්මවූ විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මේ මස 22 වැනිදා දක්වා 1,123,289 දෙනකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය පසුගිය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මේ වසරේ ජූනි මස පළමු වැනිදා සිට 22 වැනිදා තෙක් පමණක් විදෙස් සංචාරකයන් 93,486 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එම කාලයේදී වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙන බව ද එය 27,504ක් වන අතර ප්‍රතිශතයක් ලෙස සියයට 29.4ක් බව ද එම අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් සඳහන් කරයි.
ඊට අමතරව ජූනි මාසයේදී එක්සත් රාජධානියෙන් 7,716ක්, චීනයෙන් 6,097ක්, බංග්ලාදේශයෙන් 5,035ක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයන් 4,594ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලයේදී විදෙස් සංචාරකයන් 1,123,289 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඒ අතරින් පුද්ගලයන් 231,564ක් ඉන්දියාවෙන් ද 111,940ක් රුසියාවෙන් සහ 103,990ක් එක්සත් රාජධානියෙන් පැමිණ තිබෙන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.