Tuesday, February 10, 2026
Follow Us
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර අදින් ඇරඹෙයි

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය අද (26) සිට ලබන ජූලි 10වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

පොලීසිය සඳහන් කළේ එම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා ඇති බවයි.

මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් 05දෙනෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 03ක් මේ සඳහා යොඳවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරයි. 

පානම පොලිස් වසමේ සිට යාල රක්ෂිතය හරහා පෙරහැර මංගල්‍යයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා පහසුකම් වෙනුවෙන් රජයෙන් කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වෙයි.