ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට බොහෝ පාර්ශවයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.
Attorney General Dappula De Livera informed the Special High Court today that Interpol has informed him that former Central Bank Governor Arjuna Mahendran has changed his name to Harjan Alexander.
නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් මැඩ පැවැත්වීමට දිවයින වටා වන සාගර කලාපයේ ආරක්ෂාව තර කර ඇති බව ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා.
කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
තමන්ට හිමි අතිකාල දීමනා ගෙවන්නැයි ඉල්ලමින් දකුණු පළාතේ රෝහල් කිහිපයකම හෙද හෙදියන් ඊයේ (15) දිනයේත් විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ.
වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ඊයේ (16) සිදුකළ හදිසි වැටලීම් දෙකකදි ජංගම දුරකතන 5 ක් සොයාගෙන තිබෙනවා. ඒ, බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් සිදු කළ හදිසි වැටලීම්වලදීයි. මැගසින් බන්ධනාගාරයේ විශේෂ අංශයේ වාට්ටුවේ තිබි සොයාගැනුණු ජංගම දුරකතන ගණන 3 ක්. වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් රඳවා සිටින B 3 වාට්ටුවේ තිබි ජංගම දුරකතන 2 ක් සොයා ගෙන තිබෙනවා.
ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිසියට අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම, එම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවනදා වන විට සිදු කිරීමට අවධානය යොමුව ඇති බවයි.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත.
වැලිසර නාවික හමුදා කඳවුර මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට ඉදිරි දින කිහිපය තුළ හැකි වනු ඇති බව නාවික හමුදාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසනවා.
දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසුවේ මෙම පළගැටියා හේතුවෙන් ප‍්‍රධාන බෝගවලට ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුව නොමැති බවයි.
හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 22වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (16) නියෝග කළේය.
කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.
A recovered COVID-19 patient from Anuradhapura has reportedly tested positive for the virus for the second time, health authorities said.
අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි.
රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කොරෝනා ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය පෙන්වා දෙන්නේ එය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.
Page 576 of 738