Friday, July 18, 2025
Follow Us
මෙරට ‘තවුහිද් ජමාත්’ 4 දෙනෙක් මාලදිවයිනේ අන්තවාදී වැඩවල

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ මෙරට තරුණයන් සිවුදෙනකු මාලදිවයිනට ගොස් ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කරන බවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැනුවත් කොට ඇතැයි හිටපු බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේ පැවැසීය.

කොමිසම අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (24 වැනිදා) ඔහු සඳහන් කළේ පසුගිය වසරේ මැයි මස 18 වැනිදා වැඩබලන පොලිස්පතිට ලිපියක් යොමුකරමින් ඒ පිළිබඳව අවධාරණය කළ බවයි.

මෙම පුද්ගලයන් සිවුදෙනා මාලදිවයිනේ පාසල්වලට ගොස් එම ශිෂ්‍යයන්ට ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කර ඇති බවට තොරතුරු ලැබී තිබූ බවද ඔහු සඳහන් කළේය.

එසේම මෙම පුද්ගලයන් සිවුදෙනා පදිංචි ලිපිනයන් පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බවද ඔහු කියයි.

(Lanka Leads)