අලූතින් ගෙන ඒමට යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී මේ වනවිට කි‍්‍රයාත්මක ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ ස්වාධීන බව ප‍්‍රකාශ කෙරුණු කොමිෂන් සභාවල කිසිදු ස්වාධීනත්වයක් නොමැති බවයි. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති වැදගත් කරුණු වෙනසකින් තොරව නව ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත් කරන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා, සටහන් ආදිය පරික්ෂා කිරිම සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට කැබිනට් මණ්ඩලය ඉකුත්දා අනුමැතිය ලබාදුන්නා. එහි සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ නව සංශෝධනයේදී තොරතුරු දැන ගැනීමේ පනත, ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරීම වැනි 19 වන සංශෝධනයේ කරුණු වෙනස් නොකරන බවයි.
(Neth)