Friday, July 18, 2025
Follow Us
බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අල්ලන්න අලුත් උපකරණයක්

බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින්නේ ද යන්න සෙවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර ආශි‍්‍රතව අහුඹු ලෙස තෝරාගත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට ලක් කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මත්ද්‍රව්‍ය භාවිත කළ යම් රැඳවියෙකු එහිදී අනාවරණය වුවහොත් ඔහු හරහා මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණ සිදුකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් සහය ලබාදී ඇත්නම් ඔවුන්ට එරෙහිව ද නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

විදේශ රටක නිෂ්පාදිත මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයන් හදුනා ගන්නා උපකරණ තොගයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ වනවිටත් ලැබී තිබෙනවා.

එම උපකරණය හරහා භාවිත කර ඇති මත්ද්‍රව්‍ය පිළිබදවද හදුනා ගත හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ. පළමුු අදියර යටතේ එම උපකරණ උපයෝගී කර ගෙන අහඹු ලෙස තෝරාගත් බන්ධනාගාර ආශි‍්‍රතව එම පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි. රැඳවියන්ගේ ඛේට සාම්පල පරීක්ෂා කිරීමට හැකි මෙම උපකරණ කට්ටල දහසක් බන්ධනාගාරවලට ලබා දී තිබෙනවා.

(Neth)