Friday, July 18, 2025
Follow Us
“යහපාලන” විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිළධාරිහු ආපසු ලංකාවට!

කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව ,මාල දිවයින සහ මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් 16ක , ශ්‍රී ලංකා විදේශ සේවා පනතේ විධි විධාන වලට පටහැනිව පසුගිය “යහපාලන” ආණ්ඩු සමයේ පත්වීම් ලබා සේවයේ නියතු 120කට ආසන්න කම්කරු සුභ සාධන නිළධාරින් පිරිසක් ආපසු ගෙන්වීමට තීරණය කර ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳ පොළ විවිධාංගකරන අමාත්‍යය ජයරත්න හේරත් පවසයි.

මේ අය සියළු දෙනා සුදුසුකම් රහිතව එම සේවාවල නියුක්තව ඇති බවත් ඔවුන් වෙනුවට සුදුසුකම් සැපිරූ එහෙත් පත්වීම් නොලද පොරොත්තු ලේඛනයේ සිටින පිරිස් යැවීමට බලාපොරොත්තු වන බවත් පවසයි.

අමාත්‍යයවරයාට අනුව පොරොත්තු ලේඛනයේ සිටින්නේ සුදුසුකම් සැපිරූ තානාපති සේවය සඳහා පුහුණු කළ නිළධාරීන් වන අතර ඔවුන්ගේ නාම ලේඛනය ජනාධිපතිවරයාගේ අනුමැතියට යවා ඇත.

(Lanka LEads)