එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි මස 20 වැනිදා පැවැත්වීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද (20) තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලෙනවා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ එම ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා වැය වන සියලූ මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආයෝජනය කරන බවයි.
‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් ඊයේ(19) රාත්‍රී 11.55 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුවයි.
විදේශ රටවල් එකසිය හතළිස් තුනක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් තිස්අටදහස් නවසිය අසූතුන් දෙනකු නැවත මව්රටට පැමිණීමට කැමැත්ත පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20 බදාදා, 21 බ්‍රහස්පතින්දා, 22 සිකුරාදා යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.
ත්‍රිරෝද රථ සහ කුලී රථ යොදාගෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසීය.
From today (18) onwards, Police will be visiting state and private offices which have been re-opened after the curfew.
රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.
මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 7500කින් පමණ ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
At least 30 Naval personnel, who had contacts with two Covid-19 Sailors who participated in the rehearsal of the 11th National War Heroes Commemoration, had been sent for isolation, Navy Spokesman Isuru Sooriyabandara said.
The military says a report circulating on social media warning of a threat from Islamic State of Iraq and Syria (ISIS) was not credible.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.
රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරිනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ සිදු කෙරෙනවා.
එළඹෙන ජුනි මස 20 වැනි දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම හෙට (19) දිනට කල් තබා තිබේ.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්රහණයට අදට 11 වසරක් සපිරෙනවා.
Page 572 of 719