ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී හා වහාබ්වාදී ඉගැන්වීම් එම විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් නුදුරේදිම අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරත් සඳහන් කියා සිටියේ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය කාල සීමාවේ දැඩි දේශපාලනීකරණයකට හසුව තිබූ බවය.
සාක්‍ෂි ලබා දෙමින් ඔහු කොමිසම හමුවේ පැහැදිලි කළේ ” පසුගිය යහපාලන රජය සමයේ වෙනම අමාත්‍යාංශයක් ලෙස පැවති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය වත්මන් රජය විසින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතට ගෙන තිබීම සාධනීය කරුණක් බවයි. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ සියලු ආගම් පිළිබඳ කටයුතු වර්තමානයේ පවතින ආකාරයට පොදු අමාත්‍යාංශයක පැවතීම හා පසුගිය සමයේ වෙනම පැවතීම පිළිබඳ වෙනස්කමක් දුටුවේ ද යන්නයි. එහිදි සාක්‍ෂිකරු කියාසිටියේ මම මේ දෙපාර්තමේන්තුව දකින්නේ දැඩි සේ දේශපාලනීකරණයට ලක් වූ තැනක් විදිහටයි. මම බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරලා තියෙනවා.
නමුත් මම මේ ආයතනයට පත්වීම් ලබනකොට පිළිපදින ක්‍රමවේද තුළ අපහසුවක් දැනුණා. නමුත් දැන් නම් වත්මන් අමාත්‍යවරයා වෙන අගමැතිතුමා යටතේ ලොකු පහසුවක් දැනෙනවා. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්‍ෂිකරුගේ අවධානයට යොමු කරමින් අසා සිටියේ ශ්‍රී ලංකාව තුළ කොපමණ මුස්ලිම් පල්ලි, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙනවා ද යන්නයි. එහිදී සාක්‍ෂිකරු 2019 අප්‍රේල් 21 වන විට පල්ලි 2534 ක් ලියාපදිංචි වී තිබුණා. ඉන්පසු කළ සංගණනයකින් හෙළි වුණා එලෙස ලියාපදිංචි නොවුණු පල්ලි 951 ක් තිබෙන බව. දැනට පවතින නීතිය අනුව අප දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කළ යුතුයි.” යනුවෙනි.
(Lanka Leads)