නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් මේ වන විට රජයේ ආයතන සතු වාහන 9,704ක් පාවිච්චියට නොගෙන අතහැර දමා තිබේ.
ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ බව සාකච්ඡා කෙරුණු අතර එහිදී දැනට භාවිතයට නොගන්නා වාහන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය ආයතනවල පවතින බව නිරීක්ෂණය වී ඇති බවට අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව මෙම වසරේ අගෝස්තු 31 දින වන විට අලුත්වැඩියා කර භාවිතයට ගත හැකි වාහන 4,116ක් සහ අපහරණය කිරීමට සුදුසු වාහන 5,588ක් පවතින බවද හදුනාගෙන ඇත.
අලුත්වැඩියා කර භාවිතා කිරීම ඵලදායි වන වාහන අලුත්වැඩියා කිරීම සදහා අදාළ ආයතනයන්ට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවන්හි දී ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් ඒ සදහා වන ප්‍රතිපාදන සලදීමටත්, එලෙස අලුත්වැඩියා කරනු ලබන වාහන, ප්‍රමාණවත් වාහන නොමැති රාජ්‍ය ආයතන වෙත මුදල් අමාත්‍යංශය යටතේ ඇති කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලය හරහා විධිමත් පරිදි ලබාදීමට, අලුත් වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් අපහරණය කිරීමටත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත් කර තිබේ.
(Aruna)