Tuesday, November 04, 2025
Follow Us
Political

ඉදිරියේ දී නඩුකටයුතු පිළිබඳ සමථකරණයකට එළඹීමෙන් පසු පෙර පැවැත්වීමට නියමිත ව තිබූ උපාධිධාරී ගුරු විභාගය නියමිත පරිදි පවත්වා ප්‍රතිඵල අනුව අනතුරුව එම උපාධිධාරීන් පළාත් මගින් පවත්වන සම්මුඛ පරීක්ෂණ අනුව ගුරුවරුන් වශයෙන් බඳවාගත් පසු මෙම ගුරු හිඟය බොහෝදුරට මගහැරී යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “ආයුර්වේද (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Political

බාහිර බලපෑම් වලින් සහ කුහක දේශපාලන අරමුණුවලින් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

මීට වසරකට පෙර මේ රටේ කිසිඳු නීතියක් ක්‍රියාත්මක නොවූ බවත් එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් පසු රටේ නීතිය නැවත ස්ථාපිත කරමින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් සිටින බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පසුගියදා (05) පත් කෙරිණි.

Political

රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී  දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

Political
  • “අස්වැසුම” අවසන් ඉලක්කය දිළිඳු බවින් තොර රටක් නොව, දියුණු රටක්
  •  ඉදිරි වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවීම
    අගෝස්තු 01 දා සිට

- සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල්

සුබසාධන රාජ්‍යයක සිට ව්‍යවසායික රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව ගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවත් “අස්වැසුම” වැඩසටහනේ අවසන් ඉලක්කය සවිබල ගැන්වුණ ව්‍යවසායක ජාලයක් නිර්මාණය කිරීම බවත් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය.
“අස්වැසුම” වැඩසටහනේ අවසන් අරමුණ වසර 2048 වන විට දිළිඳු බවින් තොර රටක් වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මේ බව සඳහන් කර සිටියේ අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ සැලසුම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරයාට බාර දෙන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා පාසල් යන වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වා ආරක්ෂා කිරීම සහ සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ ඊට ඇතුළත් බව ද කියා සිටියේය.
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය 10 වනදායින් අවසන් වූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකළේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වන නිසා බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට ලබන අගෝස්තු 01 වනදා සිට නැවතත් එම අවස්ථාව හිමි වන බවද සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මෙසේ ද පැවසීය.
“අස්වැසුම” වැඩසටහන අප හඳුන්වා දුන්නේ දීර්ඝ කාලයක් පුරා සමාජය තුළ පැවති විවේචනයකට පිළිතුරක් ලෙසයි. සමෘද්ධි ව්‍යාපාරය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී විවිධ අක්‍රමිකතා ඇති වූ බවට චෝදනා එල්ල වුණා. විශේෂයෙන් සමෘද්ධි වැඩසටහන තුළ සමාජ සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් නොමැති බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සමාජ සුබසාධක මණ්ඩලය විසින් “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කළේ සමාජ සවිබල ගැන්වීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. අස්වැසුම වැඩසටහන දේශපාලනයෙන් තොර විනිවිද පෙනෙන ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය තුළම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. එසේම වාර්ෂිකව සුදුස්සන් ඇතුළත් කරගැනීමේ සහ නුසුදුසු පිරිස් ඉවත් කිරීමේ ක්‍රියාවලියත් ඊට ඇතුළත් වෙනවා.
මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් සවිබල ගැන්වීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් අපේ අමාත්‍යාංශයට භාර දුන්නා. ඊට අදාළ සැළැස්ම මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දෙනවා. එම සැලැස්ම වසර 03ක සැලැස්මක් වන අතර එම කාලය තුළ මෙම පිරිස සවිබල ගැන්වීම සිදු කෙරෙනවා.

මේ රටේ සමෘද්ධිලාභීන් ලක්ෂ 18න් සියයට 50කට වැඩි පිරිසක් වැඩිහිටියන්. ඔවුන් තරුණ වියේදී විවිධ රැකියාවල නිරත වුවත්, වයස අවුරුදු 60න් පසු සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් වී තිබෙනවා. ඒ පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව වයස අවුරුදු 18 සිට වසර 05ක කාලයක් ඒ සඳහා දායකවූවෙකුට අවුරුදු 60න් පසු විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. එම දායකත්වය අඛණ්ඩව ලබා දීමටත් හැකියාව තිබෙනවා. දායකත්ව කාලය අනුව විශ්‍රාම වැටුප වැඩි කර ගත හැකියි.
ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමාජ සවිබල ගැන්වීමේ කාර්යයේදී ඉතා වැදගත් වෙනවා. එමඟින් පුහුණු වෘත්තිකයින් බිහි කිරීම ඉලක්කයයි.
මෙම සමස්ත වැඩසටහන සඳහා අපට චීනයෙන් , ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් වගේම සමෘද්ධි බැංකු පද්ධතියෙන් සහය ලැබෙනවා. ඒ අනුව දිළිදුබව තුරන් කිරීමට නොව, පොහොසතුන් නිර්මාණය කිරීමට අප ඉදිරියේ දී මෙරට සමෘද්ධි බැංකු පද්ධතිය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා.
අද සමෘද්ධි බැංකු පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමට ‍ඇතැම් දේශපාලනඥයන් දැඩි උත්සාහයක නිරත වෙනවා. නමුත් අස්වැසුම වැඩසටහන හරහා සමෘද්ධි ව්‍යාපාරයත්, සමෘද්ධි බැංකු පද්ධතියත් වඩා ජව සම්පන්නව ඉදිරියට ගෙනයාම සිදු වෙනවා.
අස්වැසුම ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එහි අභියාචනා කාලය පසුගිය සඳුදා දිනයෙන් අවසන් වුණා. එය තව දුරටත් දිර්ඝ කිරීමෙන් සිදුවන්නේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වීමයි. අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලය හොඳටම ප්‍රමාණවත් කියා අප විශ්වාස කරනවා.
ඒ වගේම ලබන අගෝස්තු 01 වනදා සිට, මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට අලුතින් අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා. වාර්ෂිකව යම් කිසි ප්‍රමාණයක් මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනවා වගේම විවිධ හේතු මත යම් පිරිසක් ඉවත් වීම සිදු වෙනවා. ඒ වගේම පාසල් වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වාම ආරක්ෂා කර සවිබලගැන්වීම මෙම අස්වැසුම වැඩසටහන තුළින් සිදු කෙරෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ 2048 වන විට ශ්‍රි ලංකාව දියුණු රටක් බවට පත් කිරීම මිස දිළිඳුකම පිටුදැකීම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් සිටිනවා. අපට අවශ්‍ය කරන්නේ සුබසාධන රාජ්‍යයක් නෙවෙයි. අප නිර්මාණය කළයුත්තේ ව්‍යවසායික රාජ්‍යයක්. සුබසාධන රාජ්‍යයක් තුළින් දියුණු රාජ්‍යයක් ගොඩනැඟීමේ ඉලක්ක සපුරාගත නොහැකියි. ඒ සඳහා වන වැඩසටහන අද ක්‍රමාණුකූලව ඉදිරියට ගෙන යන බව කිවයුතුයි.

Political

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

Political

ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

Political

රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

Political

අද (06) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරිණි.

ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ කල් තබන ලද විවාදය සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිලිබඳ කල් තබන ලද විවාදය ඉදිරියට කරගෙන යෑමට නියමිතයි.
අනතුරුව, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

Political

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් තිබෙනම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

Political

තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

Political

2023.06.29 වැනි දින පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විපක්ෂ නායකවරයා සහභාගි වූ බවත් එහි දී එතුමාට අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදුන් බවත් විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 2023.06.30 වැනි දින පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී

Political

ඇතැම් සමෘද්ධි නිලධාරින්ම අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Political

ඇතැම් කණ්ඩායම් රට තුළ නැවත ජාතිවාදී හා ආගම්වාදී ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Political

පළාත් පාලන ආයතනවල සේවකයින් ක්‍රමයෙන් ස්ථිර කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Political

ර‍ට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය සඳහා ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවට නිවේදන කළේය.