රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී සිදුකර තිබෙන බව වාර්තා වෙයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය පමණක්, සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.
රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති නියෝජිතයින් සහ එහි පරිපාලන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අද (19) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
• 2024 වර්ෂයේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභා වලට රුපියල් බිලියන 16.6ක මුදලක් වෙන්කළා - මුදල් කොමිෂන් සභාව
• පොලීසිය,දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතුයි - ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පොලිස් කොමිෂන් සභාවට පවසයි.
වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදුණි.
සමාජ මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළොත් මීළඟ අරගලය අපි අරඹනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙවිනුවර ධීවර වරායේ සංචාරයකට එක්වෙමින් පසුගියදා පැවසීය.
දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.
රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමා සම්බන්ධයෙන් සඳහන් කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කුලියාපිටිය මධ්ය මහා විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවල දරුවන් 700ක පමණ පිරිසක් පසුගියදා(13) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
අද (21) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.
මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවත්විණි.
රාජ්‍ය වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) රැස් වූ අතර දුම්රිය රියදුරු වර්ජනය සහ ඒ පිළිබඳව අනුගමනය කෙරෙන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි දී සාකච්ඡා වී තිබේ.
Page 54 of 553