පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
වියදමට සරිලන ආකාරයේ ආදායමක් ජනතාවට ලැබිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය යෝජනා මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ නත්තල් වැඩසටහන ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
නත්තල් උත්සවය වෙනුවෙන් වෝටර්ස් එජ් හෝටලය විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය ලෙස Christmas Cake Mixing වැඩසටහන පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යනවාදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවෙි
පක්ෂය ගන්නා තීන්දුව සමඟ කටයුතු කරන බවයි.
අභියෝගයට මුහුණ දිය හැකි එමෙන්ම ජයග්‍රහණය කළ හැකි කයිය නොගහන වැඩකරන නායකයකුට උදව් කරන බවද රණතුංග මහතා පැවසීය.
Lankadeepa