Tuesday, September 09, 2025
Follow Us
අනුරාධපුරය ස්වයංපෝෂිත නගරයක් බවට පත් කරනවා - අගමැති

දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනගනිමින් එම ක්ෂේත්‍ර දියුණු කර අනුරාධපුරය ස්වයංපෝෂිත නගරයක් බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා එසේ පවසා සිටියේ  අලුත් ගමක් - අලුත් රටක්, ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහන පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගියදා උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ දී සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික්කය මුළු රටේම කේන්ද්‍රිය දිස්ත්‍රික්කය බවත් රටේ හදවත අනුරාධපුර දිස්ත්‍රික්කය බවයි. අනුරාධපුරය ගොවිතැනින් අතිරික්තයක් නිපදවන නගරයක් හෙයින් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකම  දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනගනිමින් එම ක්ෂේත්‍ර දියුණු කර මෙම නගරය ස්වයංපෝෂිත කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමන් පවසා සිටියේ එක් පසකින් රාජ්‍ය ආදායම දියුණු කරගනිමින් විදේශ විනිමය ඉපයිය හැකි නගරයක් බවට අනුරාධපුර පත් කළ යුතු බවත් පාසල් හැර ගිය රැකියා විරහිත තරුණ තරුණියන් රැකියාගත කිරීම සදහා විධිමත් පුහුණුවක් ලබාතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.