Tuesday, September 09, 2025
Follow Us
ජන­තාව පැත්තේ ඉන්න ඕනෑ උප­යෝ­ගිතා කොමි­සම ඉන්නේ අනිත් පැත්තේ

ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණදැයි සොයා බලා අනුමැතිය දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිබෙන බවත්, ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු නමුත් සිටින්නේ මහජනතාවගේ පැත්තේ නොවන බවත් සමඟි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පෙරේදා (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අවුරුද්දකට දෙවතාවක් විදුලිබිල සංශෝධනය කරන බවට කැබිනට් අනුමැතියක් දී තිබියදී මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල වැඩි කිරීමට අවසර දුන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටලුවක් ඇති බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. මහජන උපයෝගිතා කොමිෂන් සභාව යනු ආණ්ඩුවේ වුවමනා සඳහා කටයුතු කරන රූකඩයක් බවත් මෙවැනි කොමිසන් සභා අහෝසි කිරීමෙන් රටේ මුදල් ඉතුරු කර ගත හැකි බවත් මහජන උපයෝගිතා කොමිසන් සභාව අහෝසි කර දැමිය යුතු බවත් මුජිබර් රහුමාන් මහතා කීය.

Dinamina