Tuesday, September 09, 2025
Follow Us
2024 වසරේ නිර්පාක්ෂික ජනාධිපති රනිල් - රවී කියයි

ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

2048 වන විට ස්මාර්ට් දේශයක් බිහි කිරීම යන තේමාවෙන් මෙවර මහා සම්මේලනයේ ඇරැඹුණු අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රමුඛ එජාප නායකයෝ ද පාක්ෂිකයෝ ද මෙම සම්මේලනයට සහභාගි වී සිටිති.

එක්සත් ජාතික පක්ෂය නව ලොවට ගැලපෙන අයුරින් ප්‍රතිසංවිධානය කිරීම මෙම විශේෂ මහා සම්මේලනයේ ප්‍රධාන අරමුණ බව එහිදී නිවේදනය කෙරිණි.

එසේම 2024 වසරේ මෙරට නිර්පාක්ෂික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ගතයුතු බවයි රවි කරුණානායක අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

Aruna