Monday, May 04, 2026
Follow Us
Political

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති බව අද (05) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Political

කුසලතා නමැති කුලුන ඔප්නංවා ගනිමින් සමබර වූ කුසලතා පූර්ණ ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ප්‍රතිසංස්කරණයකට එහා ගිය නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට රජය මුල පුරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Political

පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව ගරු සභාවේ අවධානයට යොමු කරන බව කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political

දැනට පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩ ගත හැකි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගෙන සිටින වැඩපිළිවෙළ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන අපේකෂකයකුට මිස, කුමන වරදාන වරප්‍රසාදයකට හෝ වෙනත් කිසිවකුට තමාගේ සහාය හිමි නොවන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා ලබන 6,7 සහ 8 තෙදින වෙන් කෙරේ - ඡන්ද විමසීම 8 වැනිදා ප.ව 5.30 ට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට ඊයේ (01) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරතවන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

Political

මෙම මස දහවැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑහත්වන සංවස්තරය දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (03) පස්වරුවේ තීන්දු කර ඇත.

Political

වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් ඉස්මතු කරන ලදී. මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කොට ඇති අවස්ථාවකදී පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බවයි.

Political

අයි නාලිකාව කුලී පදනම මත ලබා නොදුන්නා නම් අද වන විට රූපවාහිනී සංස්ථාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) අවධාරණය කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) පස්වරුවේ කොළඹ දී අයුරින් පැවැත්විණි.

Political
මඩකලපුව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් මඩකළපුව දිස්ත්රික් ලේකම් කාර්යාලය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
Political

ජනතාවට සේවය කරන්න ඔබේ තනතුරු භාවිතා කරන්න වගකීම හරිහැටි ඉටුකරන්න බැරිනම් කරුණාකරලා කෙටි කාලයක් තුළදී ඔබ තීන්දුවක් ගත යුතු යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරයි.

Political

මේ රජයට උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගන්න බැරි වුණාට ගුණාත්මක භාවයෙන් බාල බිත්තර ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ නම් නතර නොවී ඇති බවත් මේ බංකොලොත් රටේ පවා ගුණාත්මක භාවයෙන් පහළ, කල් ඉකුත් වූ විදේශ බිත්තර අඩු මුදලකට ගෙන්වා වැඩි මිලකට රටට දී මහා බිත්තර ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ජනතාව පවසන බවත් මීට සම්බන්ධ කවුරුන්ද කියා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Political

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Political
  • ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල්.
  • රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතුයි.
  • රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකත්වයේ සුවිශේෂී ලක්ෂණය ගැළපෙන, නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාවයි – එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා.
Political

රට ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර  අරයට මෙයාට බනිමින් සිට  රටවල් හදන්න නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

Political

දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.  

දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා මහත් සේ කැප වූ බව ද ඔහු කියා සිටියේය. 

ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවන්ට අද (25) එක්වෙමිනි.

Political

විදේශ රැකියා ජාවාරමට ගුවන් තොටුපොලේ සියලුම අංශ උදව් කරනවා

මිනිස් වෙළදාම මඩින්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ලැබෙන්නේ නෑ

විදෙස්ගත ශ්‍රමිකයා මිනිස් බෝම්බ කරපු එකේ ප්‍රතිඵල ඉක්මණින්ම ලැබුණා

ඇමති මනුෂ කියයි