Tuesday, September 09, 2025
Follow Us
 පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අගමැතිට භාර දෙයි

සේව්‍ය-සේවක සබඳතාවලට අදාළ කම්කරු අණපනත් 13 ක් අහෝසි කොට ඉදිරිපත් කිරීමට යෝජිත නව සේවා නියුක්ති පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව වෘත්තීය සමිති නියෝජිතයන් විසින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙනු ලැබීය.

කම්කරු කොමසාරිස් ජනරාල්, ශ්‍රි ලංකා නීති සංගමය, ශ්‍රි ලංකා සේවා යෝජක සම්මේලනය සහ කම්කරු සම්මේලන17 ක නියෝජිතයන් සමග  දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම වාර්තාව සකස් කර තිබේ. වාර්තාව භාරදුන් අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාද එක්විය.