“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් පෙත්සම් තිහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 04 සහ 06 දිනයන්හි කාථානායකවරයා විසින් නිවේදනය කරන ලද පෙත්සම් හතරට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තිහක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කාථානායක මහින්ද යාපා අබේවර්දන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.