Monday, May 04, 2026
Follow Us
Political

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Political

 

“ රටක් ලෙස නැවත නැගී සිටින්නට නම් අප සියලු දෙනා එක්ව රට යළි ස්ථාවර කිරීමට දායක විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් අද (11) නිකුත් කර තිබේ.

Political

නියඟය නිසා වගාවට සිදු වී ඇති හානිය නිවැරදිව තක්සේරු කර හැකි ඉක්මනින් එම ගොවින්ට වන්දි ලබා දිය යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Political

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළහ.

Political

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර 13 වෙනි සංශෝධනයේ පොලිස් බලතල බෙදීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Political

සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය.

Political

ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය  විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

රටේ අනාගතය වෙනුවෙන්, පොදු එකඟතාවයෙන් යුතුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යමු

පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයටත් සූදානම්.

පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදේශක සභාවක්.
සාර්ථක පළාත් සභා පද්ධතියක් තුළ ප්‍රබල ක්‍රම වෙනසකට අවස්ථාව සැලසෙනවා.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු ක්‍රියාත්මකයි- ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි.

Political
  •       ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 24 වැනිදා

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට නියමිත බවත් ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 11 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන, විදුහල්පති පුරප්පාඩු ඉදිරි මාස දෙක ඇතුළත පිරවිය හැකි බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

පසුගිය මස විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ ( 08) සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි මස 19 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Political

මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර තිබෙන බවත්, ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Political

කිරි නිෂ්පාදනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට ආරම්භ කර ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political
Political

සජිත් ප්‍රේමදාස මහතා වසර ගණනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයාව සිටියත් විදුලි බලය නැතිව එහි ජනතාව වසර ගණනාවක් ගැටලුවකට මුහුණ පා ඇතැයි එජාපයේ හේවහැට ආසන සංවිධායක, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පැවසුවාය.

Political

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිටම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී (08) ප්‍රකාශ කළේය.