නොරොච්චෝලේ බලාගාරය විදෙස් සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නැතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දීර්ඝකාලීනව මේ රටේ පවතින අලිමිනිස් ගැටුම නිරාකරණය කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සකස් කරමින් පවතින බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශවල වැඩබැලීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට පනවා ඇති ජාත්‍යන්තර සංචාරක තහනමට සහ කැනේඩියානු අගමැතිවරයා විසින් කරන ලද ජන සංහාරය පිලිබඳ අසත්‍ය චෝදනාවලට එරෙහිව දැඩිව පෙනී සිටින ලෙස ආංශික අධීක්ෂණ කමිටුවෙන් උපදෙස්
අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත හැකි හොඳ දේ දිනාගන්නට පක්ෂ පාට භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක්වෙමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනාවක් කළේය.
මේ වසර අවසන් වන විට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් සම්මත කිරීමට රජය අපේක්ෂා කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරුව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යා පීඨ පද්ධතියක් බිහි කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමටත් ගැටලුවක් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරේ
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එක් සංශෝධනයකට යටත්ව අනුමැතිය ලබාදීම සිදුවිය.
MOP පොහොරවල (බණ්ඩි පොහොර) කිසිඳු හිඟයක් නොමැති බවත් එසේ හිඟයක් පවතිනවා නම් දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. MOP පොහොර හිඟයක් සම්බන්ධව අද (20) පාර්ලිමේන්තුවේදී පැන නැගුණු ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ වසරේ ඡන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ග්‍රාම නිලධාරි ඔබගේ නිවෙසට පැමිණ නැත් නම් නොපමාව එම නිලධාරියා අමතා ඔබේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කරගැනීමට කටයුතු කරන මෙන් මැතිවරණ කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටි.
අපේ දරුවන්ට විවෘතව හිතන්න පුරුදු කළ යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
Page 57 of 549