දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මේ අතර දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක් කරන්නැයි එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව කාරක සභාවේ සභාපති අනතුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 19 වැනි දා රැස්විය. ඉහත නියෝග කෙරුණේ එම රැස්වීමේය.
ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉලක්ක සහ 2024 වර්ෂයේදී එම ඉලක්ක සපුරා ගැනීම සඳහා සකස් කර ඇති සැලසුම් සමාලෝචනය කිරීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්විණ.
සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 41 කට අධික ප්‍රමාණයක් 2024 - 2026 අතර කාලයේදී සවිබල ගැන්වීමට සැලසුම් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එහිදී පැවසීය.