රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මගහරවා ගැනීමේ ප්‍රධාන සාධකය නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම බවත් 2024 වසරේ සිට රාජ්‍ය අංශය සඳහා එය හඳුන්වා දීමට රජය කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය .
ජාතික ඇගයීම් සතියේ සමාරම්භක උත්සවය මුදල් රාජ්‍ය අමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
නිසි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘති ආරම්භ කිරීම රජය අවසන් කරන අතර රටේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බව ච මෙහි දී පෙන්වා දෙනු ලැබීය.
ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිධභාවයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදා ගැනීම සඳහා ද ඇගයීම් ක්‍රියාවලිය හේතු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාවලිය එක් රැයකින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට නොහැකි බව පෙන්වා දුන් ඒ මහතා ඇගයීම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ සංස්තෘකියක් රට තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.