ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව මෙන්ම ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වැනි ගුණානුස්මරණය අද ට (10) යෙදි ඇත.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පැමිණි ඇය 1960 වසරේ පැවැති ඡන්දයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලැබුවාය. ඇය 1960 ජුලි 21 වැනි දා මෙරට අගමැතිනිය ලෙස පත් වුවාය. 1965 වසරේ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වුවත්, නැවත 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ අගමැති ධුරය හොබවන ලද්දේ සිරිමාවෝ මැතිනියයි. 1977 වසරේ දී නැවත මැතිවරණයෙන් පරාජයට පත් වූ එම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ වසර 17 ක පාලනය අවසන් කරමින් නැවත 1994 දී මැතිනියගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය.එම ආණ්ඩුවේ අගමැති ධූරය හොබවන ලද්දේ සිරිමාවෝ මැතිනියයි.මැතිනිය 2000 වසරේ ඔක්තෝම්බර් 10 වැනි දින මෙලොවින් සමු ගත්තාය.
Dinamina