Tuesday, September 09, 2025
Follow Us
පනත් කෙටුම්පත් 05කට කථානායකවරයාගේ සහතිකය

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.

 

සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) , මැතිවරණ (විශේෂ විධිවිධාන), ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) සහ සිවිල් ගුවන්සේවා (සංශෝධන ) යන පනත් කෙටුම්පත් වලට කතානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.
‍ඒ අනුව, 2023 අංක 20 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත, 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත, 2023 අංක 22 දරන ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත, 2023 අංක 23 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත සහ 2023 අංක 24 දරන සිවිල් ගුවන්සේවා (සංශෝධන ) පනත ඊයේ (17) සිට බලාත්මක වේ.