අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීමට පවත්වනු ලබන 23 වැනි අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණ.
මෙවර සංසදය සදහා ඉදිරිපත් වූ ගැටලු සියල්ලට සාර්ථක විසදුම් ලැබී තිබේ.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අපනයනකරුවන්ගේ ගැටලු නිරාකරණය කඩිනම් කිරීම සඳහා දැනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සාර්ථකව ක්‍රියාත්මක වන ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය වැනි ආකෘතියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේ ය.
පවතින ආර්ථික අර්බුදයට සාර්ථක විසඳුම ලෙස අපනයන ආදායම නැංවීම සිදු කළ යුතු බවත්, ඒ සදහා අපනයනකරුවන්ට පහසුකම් සැපයිම හා දිරිමත් කිරීම සිදු කළ යුතු බවත් මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.