වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පණිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මීට වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත දිනය පමා කර ගෙවීම ආදී පියවර අනුගමනය කිරීමට පවා රජයට සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. එහෙත් අද වන විට සාකච්ඡා වන්නේ වැටුප් ගෙවන ආකාරය නොව වැටුප් වැඩි වන ප්‍රමාණය පිළිබඳව බව අමාත්‍යවරයා සඳහන් කරයි
සාම්ප්‍රදායික විපක්ෂයක් සමඟ ගමන් කරමින් රට නිවැරැදි දිශානතය කරා ගමන් කරවමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩිවීම විපක්ෂයට සටන් පාඨ අහිමි කිරීමක් බව අමාත්‍යවරයා පවසයි. වැඩිවන වැටුප හිමි කර ගැනීම සේම ඒ වෙනුවෙන් දුෂ්කර ආර්ථිකයක් යටතේ ගමන් කරන රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට ද රාජ්‍ය සේවයකයන්ගේ වගකීම බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.