Monday, May 04, 2026
Follow Us
Political

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political
  • සියලු ජනතාව ඒකරාශි කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි – ජනපති “නාම් 200” සැමරුම් උත්සවයේ දී පවසයි.
  • ඉන්දීය ආධාර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට මුල් ගල් තැබේ.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පණිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

Political

රජයේ ආදායම් වැඩි කිරීිම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනීමට අදාළව, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් පත් කළ මූලික තාක්ෂණික කමිටුව ප්‍රගති සමාලෝචනය සඳහා පසුගියදා රැස් විය.

Political

අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීමට පවත්වනු ලබන 23 වැනි අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණ.

Political

වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 

Political

පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත්  කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Political
  • ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර 10ක් තිස්සේ එය සිදු කරලා

• රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් (Cross check) ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවක් - සෑම රෝහලකම කඩිනමින් නිසි කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ

Political

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියව ඊයේ (20) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

Political

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) සිය සහතිකය සටහන් කළේය.

Political

ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

Political

ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණදැයි සොයා බලා අනුමැතිය දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිබෙන බවත්, ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු නමුත් සිටින්නේ මහජනතාවගේ පැත්තේ නොවන බවත් සමඟි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Political

• ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් 13 වැනි සඳුදා ප.ව 12.00 ට පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මේ අතර 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සදුදා ප.ව 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරිය පැවසීය.

Political

“සබන් නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමි විය. 

Political

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

Political

දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනගනිමින් එම ක්ෂේත්‍ර දියුණු කර අනුරාධපුරය ස්වයංපෝෂිත නගරයක් බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Political

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණේ දිවයින පුරා ඒකාබද්ධ සිටින ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ශාරීරික ආබාධ සහිත පිරිසක් ඊයේ (17) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.