ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් දරුවන්ට ලැබෙන අත්දැකීම් හා පරිචය රටේ අනාගත නායකත්වය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වන බව අධ්යාපන අමාත්ය සහ පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) අධ්යාපන අමාත්යාංශයේ පැවති රත්නපුර සීවලී මධ්ය විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල විවාදයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ දේශපාලන ක්රියාවලිය පිළිබඳ ක්රමිකව අද්දැකීම ලබාගැනීම රටේ ශක්තිමත් දේශපාලන අනාගතයකට ඉවහල් වනු ඇති බවයි.රට පුරා මේ වන විට ශිෂ්ය පාර්ලිමේන්තු 3000ක් පමණ ක්රියාත්මක වන බවත් එමගින් කුඩාකල සිටම වගකීම් සහගත විනීත සුපිළිපන්න නායකත්වයක් අනාගතයේ බිහිකිරීම සඳහා දරුවන් පුහුණු කිරීම තම අමාත්යාංශයේ අරමුණ බවත් අමාත්යවරයා පැවසීය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා පැවසුවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 සහ 4 ව්යවස්ථාවන්ට අනුව පාර්ලිමේන්තුව රටේ ඇති උත්තරීතරම ආයතනය බවයි. පාර්ලිමේන්තුවට යම් අභියෝග එල්ල වන අවස්ථාවන් දක්නට ලැබුණද පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අවුරුදු දහස් ගණනක් පැරණි වෙනත් විකල්පයක් නොමැති සංකල්පයක් බවයි.
ඉන් අනතුරු සම්ප්රදායානුකූලව ශිෂ්ය පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර “තිරසාර සංවර්ධනයක් ගොඩනැගීමට අධ්යාපන ක්රමයේ දායකත්වය සහ ශිෂ්ය පාර්ලිමේන්තුවේ භූමිකාව” මැයෙන් විවාදය ආරම්භ විය. විවාදය අවසානයේ ශිෂ්ය පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත සහතික පත් පිරිනැමුණු අතර අධ්යාපන අමාත්යාංශයේ නිලධාරින් වෙත පාර්ලිමේන්තු ක්රියාවලිය පිළිබඳ සම්පාදනය කරන ලද පොත් කට්ටල පිරිනැමීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගෞරවනීය මහා සංඝරත්නය, අග්රාමාත්ය අතිරේක ලේකම්(පාලන) හර්ෂ විජේවර්ධන, අධයාපන අමාත්යාංශයේ විෂය සමගාමී අධ්යක්ෂ ගීතානි සුබසිංහ, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රත්නපුර සීවලී මධ්ය විද්යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත, නියෝජ්ය විදුහල්පති, ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හා විද්යාලයීය සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.
මෙම අවස්ථාව සංවිධානය කරන ලද්දේ අධ්යාපන අමාත්යාංශය සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේනතුව විසිනි.