Monday, November 03, 2025
Follow Us
Political

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමා සම්බන්ධයෙන් සඳහන් කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Political

කුලියාපිටිය මධ්ය මහා විද්‍යාලයේ 7 සහ 8 ශ්‍රේණිවල දරුවන් 700ක පමණ පිරිසක් පසුගියදා(13) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

Political

අනාරක්ෂිත දුම්රිය මාර්ග වෙනුවෙන් අනතුරු සංඥා පද්ධතියක් සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට සමඟි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.

Political

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවත්විණි.

Political

රාජ්‍ය වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) රැස් වූ අතර දුම්රිය රියදුරු වර්ජනය සහ ඒ පිළිබඳව අනුගමනය කෙරෙන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි දී සාකච්ඡා වී තිබේ.

Political

දේශීය වෛද්‍ය පනත ඒකමතිකව සම්මත කරගැනීම දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුනරුදයක් මෙන්ම විජයග්‍රහණයක් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ හා සන්ධානගත ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පසුගියදා කොළඹ දී සිදුකර තිබෙන බව වාර්තා වෙයි.

Political

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස තමා අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

ශ්‍රි ලංකාව තුල අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක්‌ පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ මධුර විතානගේ මහතාගේ මහතා පැවසීය.

Political

බාල බෙහෙත් භාවිතය නිසා මරණ 27ක් සිදුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

• 2024 වර්ෂයේදී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පළාත් සභා වලට රුපියල් බිලියන 16.6ක මුදලක් වෙන්කළා - මුදල් කොමිෂන් සභාව
• පොලීසිය,දේශපාලනඥයින්ගෙන් වෙන්ව තැබිය යුතුයි - ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පොලිස් කොමිෂන් සභාවට පවසයි.
වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදුණි.

Political

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

Political

කොළඹ හතේ ගෙවල්  තියෙන ඇතැම් ඇමතිවරුත්  රජයේ  නිල නිවාස ලබා ගෙන ඇතැයි  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී  අද (  8) පැවසීය.

Political

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.

Political

පසුගිය කාලය තුළ සොයා බැලුවා මෙම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි ද කියා සියලු දෙනා එකතුවෙලා වැඩ කළොත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරක් ඇතුලත ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

Political

ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලීන සහ නිර්භීත තීන්දු තීරණ මනා පිටිවහලක් වූ බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.