ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.
විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (10) සම්මත විය.
පනත් කෙටුම්පතේ දෙවනවර කියැවීමේ විවාදය අද පෙ.ව. 10.30 සිට පැවැත්විණි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස සුපිරි ලාභ ලබා ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ ගැසට් අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසීය. මේ අනුවල මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට පවරනු ලැබීය.
ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත ව්‍යාපාර සූදානම් (B - Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා (07) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී තිබේ.
ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු නොකර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශ ණය ආධාර නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (07) දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැඳවා තිබිණි.
අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව.10.00 සිට පෙ.ව. 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබේ.
නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිදු හානියක් නොවන පරිදි ආයෝජන කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙන බැවින් අද (10) සිට සේවයට වාර්තා කරන්නැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ තැපැල් මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.
ස්වාධීනව කටයුතු කරගෙන යා හැකි අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් අධිකරණ ව්‍යුහයට සම්බන්ධ පනත් කෙටුම්පත් සම්මත කිරීම සිදු කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.
ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා ඉදිරියේදී විදුලිය, ගෑස් සහ ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකල හැකි මෙන්ම ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකි බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන කටයුතු සඳහා සහය නොදක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය,
රාජ්‍ය යාන්ත්‍රණය අයවැය සමඟ ගැලපීමේදී බංකොලොත් රටක් අනාගත ඉලක්ක වෙනුවෙන් ගමන් කලයුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මූලිකවම අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් ආර්ථික අර්බුදය මතු වන්නේ 2019 අවුරුද්දේ අපේ පාලන තන්ත්‍රය වෙනස් වුණාට පසුවයි. එහිදී බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. මෙම බදු වෙනස් කිරීම නිසා රාජ්‍ය ආදායම අහිමිව මෙරට ආර්ථිකය වේගයෙන් කඩා වැටීමට පටන් ගත්තා. රාජ්‍ය සේවක වැටුප් ගෙවාගැනීමට ක්‍රමයක් නැතිවුණා. එහිදී මහබැංකුව හරහා මුදල් මුද්‍රණය කිරීමට යොමු වුණා. ඒ හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළට ගියා.
එහිදී රටේ සමස්ත ආර්ථිකය බිඳ වැටීමකට ලක්ව නිල වශයෙන් බංකොළොත් භාවය ප්‍රකාශ කල රටක් බවට පත්වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ වගකීම බාරගත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු රටට වැදගත් වන සියළු පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. යළි රට ගොඩනැගීම සාර්ථකව සිදුකරගෙන යමින් තිබෙනවා. 2001 – 2003 සමයේ ද ආර්ථික අර්බුදයට ලක්වූ රට යළි ගොඩ නැගුවේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින්. නමුත් 2004 අප්‍රේල් 10 එම පාලනය පෙරළනු ලැබුවා. 2014 වන විට දා නැවතත් රට බංකොලොත්වීමේ අවධානමකට නතුවුණා. බිඳවැටුණූ ඒ ආර්ථිකය 2015 දී නැවත ගොඩ නැගුවේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රමාත්‍ය ධූරය යටතේයි. එදා රාජ්‍ය සේවක වැටුප අවම රුපියල් 10,000කින් වැඩි කළා. ඒ වගේම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශය ද ශක්තිමත් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම් සැකසුවා. නමුත් අවාසනාවකට එහෙම කරපු ආණ්ඩුව 2020 රාජ්‍ය සේවකයින් සහ මහජනතාව එක්ව පෙරළා දැමුවා. අවසානයේ ඔවුන් ද පාරට වැටුණා.
එම නිසා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී රට එම තත්ත්වයෙන් යළි මුදවා ගැනීමේ සාර්ථක කර්තව්‍යයක් දියත් කර ඇති මේ මොහොතේ කවුරුන් හෝ නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළහොත් යළි සිදුවන්නේ ඒ විපාකය විඳ සියලු දෙනාටම මහ පාරට වැටීමටයි.
සටන් පාඨ පුවරු ඔසවාගෙන වැඩ වර්ජන දියත්කල විට සිදු වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක්වීමයි. නිතරම පෙළපාලි යන රටකට සංචාරකයන් පැමිණීමට බියක් දක්වනවා. එවැනි රටකට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා පවතින තත්ත්වය හමුවේ රජයේ වෘත්තීය සමිති හිතනවානම් පැරණි පුරුද්ද අනුව වැඩවර්ජනයකින් යමක් ලබාගත හැකි වනු ඇතැයි කියා, සැබවින්ම සිදුවන්නේ ලැබීමට ඇති දෙයත් නොලැබී යාමයි.
පවතින අඩු පාඩු හදන්න අවශ්‍යය නව නීති රීති විශාල ප්‍රමාණයක් මේ වන විටත් ගෙනවිත් තිබෙනවා. සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට මෙන්ම ජනතාව ඉල්ලූ වෙනස ඇති කිරීමට හැකි නව නීති රීති ගෙනවිත් තිබෙනවා. තවදුටත් දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න නොහැකි ආකාරයට නීති රීති ගෙන එමින් තිබෙනවා.
මෙවර අය වැයේ දී රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කරන්න තිබෙනවා.
ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා විදුලිය, ගෑස්, ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකර ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකියි. ඒ පිළිබදව සැකයක් තියාගන්න එපා.
අප රටක් ලෙස ඉතාම බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව, මේ වන විට එයින් මිදෙමින් සිටිනවා. ආර්ථිකය ස්ථාවර කරගෙන සංවර්ධිත රටක් බවට පත්වීමට නම් මේ පවතින තත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය අංශයත් සමස්ථ මහජනතාවත් වසර 05 ක් 10 ක් මේ රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉදිරියට යා යුතුයි. එසේ කළහොත් පමණයි අපට ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ හැකි වන්නේ.
ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආරක්ෂා කිරීමට වර්තමාන රජය පියවර ගන්නා බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. පවතින විශාල ණය බරින් මිදීම සදහා ලබන වසර සඳහා සංචාරකයින් ලක්ෂ සියයක් ගෙන්වීමට කටයුතු කලයුතු බව ජනාධිපතිතුමා සදහන් කර තිබෙනවා. ඒ සඳහා සංචාරකයින්ට පහසුකම් වැඩි කරන්නා සේම රාජ්‍යයේ ස්ථාවර භාවය ද පෙන්විය යුතු වනවා.
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව තුළ “ජාතික සභාවක්” ස්ථාපිත කර තිබෙනවා. ජාතික වශයෙන් ඇති කරුණු එම ස්ථානයට ඉදිරිපත් කිරීමට සියළුම දෙනාට හැකියාව තිබෙනවා. පැරණි ක්‍රම මගින් තවදුරටත් දේශපාලනය කල නොහැකි බව සියළුම දේශපාලන පක්ෂ මතක තබාගත යුතුයි. අප විසින් දැනට සිදුකරගෙන යමින් සිටින වැඩපිළිවෙලට අමතරව වෙනත් ක්‍රමවේදයක් තිබේ නම් ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සමාජයකට කරුණු ඉදිරිපත් කළ හැකියි.
Page 50 of 553