Friday, May 09, 2025
Follow Us
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා නව මන්ත්‍රීවරයන්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පලනි දිගම්බරම්, සිවඥානම් ශ්‍රීතරන්, වරුණ ලියනගේ, සම්පත් අතුකෝරල, තිසකුට්ටි ආරච්චි, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන් යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.