2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා වල සඳහන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10000 ක වැටුප් වැඩිවීමෙන් අඩක් ( රු.5000.00 ) සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය දැඩි උත්සාහයක නියැලෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියි මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් කෙසේ හෝ මෙම මුදල ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන ලෙස දැඩි ඉල්ලීමක් කළ බවත් , ඒ අනුව කටයුතු කරමින් සිටින බවත්ය.
ජනවාරි මාසයේ සිට රජයේ සේවයන්ට රුපියල් 5000 දීමනාව ලබාදෙන්නේ නම් ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 65000 ක් අවශ්‍ය වන බවත්, විශ්‍රාමිකයන්ට වැඩිවූ රු. 2500 ගෙවීම සඳහා මසකට රුපියල් ලක්ෂ 18000 ක් අවශ්‍ය වන බවත් අමත්‍යවරයා පවසයි
කෙසේ වෙතත් රේගුව ඇතුළු ආයතනවලට අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා රජය මේ වන විටත් දැඩි අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව එම ලැබෙන ආදායම් කළමනාකරණය කරගෙන හෝ ඉහත වැටුප් වැටුප් වැඩිවීම සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි