Friday, May 09, 2025
Follow Us
එජාප ප්‍රබලයින් අතර අද විශේෂ සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පවතින තත්ත්වය හමුවේ මෙම නව නිලධාරී මණ්ඩලය ද තීරණාත්මක සාධකයක් වන අතර එළැඹෙන වසරේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ වෙනුවෙන් මෙම නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් ද පැවරෙන බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසා ඇතත් එය කුමන කාලවකවානුවක පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැත.

Aruna