Friday, May 09, 2025
Follow Us
ආර්ථික විද්‍යා විවාදයකට සජිත්ගෙන් ඇමැති බන්දුලට අභියෝගයක්

 

"ආර්ථික විද්‍යාව පිළිබඳ පැය තුනක විවාදයකට ඕනෑම නාලිකාවකට එන්න." - විපක්ෂ නායක සජිත්ගේ අභියෝගය ඇමති බන්දුල භාරගනී.

විපක්ෂය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාපති ධුරය දරන රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවට අනුව රට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන්නේ දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් බවත්, රාජ්‍ය මූල්‍ය විනය නොමැතිවීම සහ ආදායම් එකතු කිරීම අඩු වීම ඇතුළු කරුණු රාශියක් ඊට ඇතුළත් විය. ඒ හා සබැඳි ආර්ථික විද්‍යානුකූල විශ්ලේෂණයන් සමඟ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිදු කළ කරුණු පැහැදිලි කිරීමේදී මෙම වාර්තාවට එකඟද නැද්ද යන්න පිළිබඳ දින තුනක විවාදයක් අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටියේය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා දවස් තුනක නොව සතියක විවාදයක් සිදු කිරීමට තරම් වැදගත් කරුණක් බව ප්‍රකාශ කළේය. මෙතුමන්ලා මේ රටේ රාජ්‍ය ආදායම 12% සිට 8% දක්වා අඩු කරන්නට කෝටිපතියන්ට බදු සහන ලබා දෙන්නට අත් ඔසවපු අය.
ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
රටක් බාර ගැනීමට සිටින නායකයෙකු ලෙස එතුමා කී ප්‍රමාණය පිළිබඳ මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට නිගමනයක් කරන්නට පුළුවන්. අප සතු ප්‍රාමාණික අවබෝධයේ ප්‍රමාණය අනුව මේ ආදායම් අඩුවීම එක් දිනයකින් සිදුවූවක් නොවේ. ඒ පිළිබඳව මේ ගරු සභාවට මා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඉහත සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කළ හැකියි. විපක්ෂ නායකවරයා වගකිවයුතු අමාත්‍යවරයකු ලෙස එවක රජයේ කටයුතු කරමින් සිටියදී එම වසර පහ තුළ ආර්ථිකය කඩා වැටීම සිදු වූ ආකාරය පිළිබඳව ආර්ථික ආසානාසිය නමින් සංඛ්‍යා දත්ත සහිතව මං පොතක් පල කර තිබෙනවා. නමුත් මේ න්‍යායාත්මක තත්ත්වය පිළිබඳව අබමල් රේණුවක අවබෝධයකින් තොරව ස්වෛරිත්ව බැඳුම්කර පමණක් මිලියන 12 ක් නිකුත් කිරීමට අත ඔසවා අනුමත කළ කෙනා ආර්ථික විද්‍යාවේ අකුරක් හෝ නොදැන අනෙක් සියලු දෙනා වැරදියි, තමන් නිවැරදි බව ප්‍රකාශ කරනවා.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා, මෙතුමාගේ පොතට අනුව තමයි සෞභග්‍යයේ ඉදිරි දැක්ම කරල තියෙන්නේ. දැන් රටත් ඉවරයි. බංකොලොත්.කෝටිපතියන්ට බිලියන 600 ඉඳලා 700 දක්වා බදු සහන ලබා දෙන්න අත් ඔසවලා දැන් එනවා ආර්ථික විද්‍යාව උගන්නන්න. මම කැමතියි දින හතක් ආර්ථික විද්‍යාව ගැන වාද කරන්න.ඔයානේ මහ මොලකාරය.අපි සුදානම් වාද කරන්න.

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, දින හතක් අවශ්‍ය නැහැ. තමන් සමඟ ආර්ථික විද්‍යාව පිලිබඳ ඕනෑම නාලිකාවක පැය තුනක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළේය.