Friday, May 09, 2025
Follow Us
ගාසා ගැටුම් පවතින ප්‍රදේශවලට විගමණික ශ්‍රමිකයින් යවන්නේ නෑ – ඇමති මනූෂ

ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට විගමණික ශ්‍රමිකයින් යවන්නේ නැති බවත් කිසිදු ශ්‍රමිකයෙකුට යුධ පුහුණුව ලබා නොදෙන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින අමාත්‍යවරයා මේ බව පැවසිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙරට ශ්‍රමිකයින් දීර්ඝ කලක් තිස්සේ ඊශ්‍රායලයට යවන බවත්, ඒ ඔස්සේ මෙරටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ජාතිවාදී ප්‍රකාශ කරමින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට උත්සාහ කර නොගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වැඩිදුුරටත් අදහස් දැක් වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේ,

අපේ විදෙස් ප්‍රතිපත්තිය අනුව අපි නොබැදි රටක්. ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට අපි විරුද්ධයි. අපි සාමය වෙනුවෙන් පෙනී සිටින රටක්. එක්සත් ජාතික මහා මණ්ඩලයේදිත් අපි සාමය වෙනුවෙන් අපේ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

අරාබිකරයට අපේ ශ්‍රමිකයින් විශාල සංඛ්‍යාවක් යනවා. එම නිසා මෙරටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. හෙට දවසෙදිත් යම් රාජ්‍යයක් අපෙන් ශ්‍රමිකයින් ඉල්ලුවොත් , දේශපාලන, ආගමික හෝ ජාතිවාදී මතිමතාන්තර හිතට අරන් මෙම කටයුත්ත නතර කරන්න බැහැ. අපි දීඝ කාලයක් තිස්සේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යවනවා. හමාස් සංව්ධානයට වගේම ගාසා තීරයට පහර දෙද්දිත් ඒ සම්බන්ධව අපි අපේ විරෝධය සහ කණගාටුව පළ කර තිබෙනවා.

අපි ගාසා තීරයට ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව නතර කළා, ආරක්ෂාව තහවුරු වෙන තෙක්. ගාසා තීරයේ පලස්තීනුවන් සතු ඉඩම් වලට අපේ ශ්‍රමිකයින් යොමු කරන් නැහැ. කිසිදු යුධ පුහුණුවක් එම ශ්‍රමිකයින්ට ලබා දී නැහැ.