Tuesday, November 04, 2025
Follow Us
Political

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටලු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Political
  • ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල්.
  • රටට යහපත් අනාගතයක් බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණ ක්‍රම වෙනසකට ලක් විය යුතුයි.
  • රනිල් වික්‍රමසිංහ නම් ජාතික නායකත්වයේ සුවිශේෂී ලක්ෂණය ගැළපෙන, නොගැළපෙන සියලු කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමේ හැකියාවයි – එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා.
Political

මූල්‍ය විනයක් නොතිබූ රටක් මේ වන විට මූල්‍ය විනයක් ඇති රටක් බවට පත් කර තිබෙන බවත්, ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ දේශපාලන වාසි බලාගෙන නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Political

දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.  

දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා මහත් සේ කැප වූ බව ද ඔහු කියා සිටියේය. 

ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාවන්ට අද (25) එක්වෙමිනි.

Political

විදේශ රැකියා ජාවාරමට ගුවන් තොටුපොලේ සියලුම අංශ උදව් කරනවා

මිනිස් වෙළදාම මඩින්න ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහය ලැබෙන්නේ නෑ

විදෙස්ගත ශ්‍රමිකයා මිනිස් බෝම්බ කරපු එකේ ප්‍රතිඵල ඉක්මණින්ම ලැබුණා

ඇමති මනුෂ කියයි

Political

පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව ගරු සභාවේ අවධානයට යොමු කරන බව කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Political

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Political

 

“ රටක් ලෙස නැවත නැගී සිටින්නට නම් අප සියලු දෙනා එක්ව රට යළි ස්ථාවර කිරීමට දායක විය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Political

මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරතවන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

Political

නියඟය නිසා වගාවට සිදු වී ඇති හානිය නිවැරදිව තක්සේරු කර හැකි ඉක්මනින් එම ගොවින්ට වන්දි ලබා දිය යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

Political

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යාමට ආරක්ෂාව සැපයීමට බැරි නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දෝෂාරෝපණය කළහ.

Political

අයි නාලිකාව කුලී පදනම මත ලබා නොදුන්නා නම් අද වන විට රූපවාහිනී සංස්ථාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) අවධාරණය කළේය.

Political

සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය.

Political

ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය  විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

ජනතාවට සේවය කරන්න ඔබේ තනතුරු භාවිතා කරන්න වගකීම හරිහැටි ඉටුකරන්න බැරිනම් කරුණාකරලා කෙටි කාලයක් තුළදී ඔබ තීන්දුවක් ගත යුතු යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරයි.

Political
  •       ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 24 වැනිදා

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට නියමිත බවත් ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 11 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන, විදුහල්පති පුරප්පාඩු ඉදිරි මාස දෙක ඇතුළත පිරවිය හැකි බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.