පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.
පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධ කර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
අනාගතය උදෙසාවූ සාධනීය අදහස් හා යෝජනා කෙටුම්පත් ලෙස ශිෂ්‍ය පාර්ලිමේන්තු ඔස්සේ ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට සිසු දරුවන්ට අවස්ථාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී දැඩි විනිවිධභාවයකින් සහ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි අධ්‍යනයකින් කටයුතු කිරීමට රජය සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
සේව්‍ය-සේවක සබඳතාවලට අදාළ කම්කරු අණපනත් 13 ක් අහෝසි කොට ඉදිරිපත් කිරීමට යෝජිත නව සේවා නියුක්ති පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව වෘත්තීය සමිති නියෝජිතයන් විසින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙනු ලැබීය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වීම හේතුවෙන් දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධුරයන් ලබා දී තිබේ.
තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නාගරික සංවර්ධන සැලසුම් සකස්කරන අදාල නිලධාරීන් කළ යුත්තේ මහජනතාව අපහසුතාවයට පත් නොකර නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම මිස ඉඩම් ගනුදෙනු නොවන බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එම්.ඩබ්ලිව්. ජගත් කුමාර මහතා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා ලෙස අද (10) රාජකාරි ආරම්භ කළේය.
“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් පෙත්සම් තිහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 04 සහ 06 දිනයන්හි කාථානායකවරයා විසින් නිවේදනය කරන ලද පෙත්සම් හතරට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තිහක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කාථානායක මහින්ද යාපා අබේවර්දන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත රාජ්‍යයේ විදේශ කටයුතු උප අමාත්‍ය සිහසක් ෆුංකෙට්කියෙව් (Sihasak Phuangketkeow) මහතා අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ස්ථාපිත කර අදට (17) වසර 100ක් සපිරේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිත ම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැලකේ. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය
සහතිකය ඊයේ ( 09) සටහන් කළේය.
Page 52 of 553