පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සහතිකය සටහන් කොට තිබේ.
ඒ අනුව 2023 අංක 27 දරන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත, 2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත, 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත සහ 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත ඊයේ (17) සිට බලාත්මක වේ.